අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතන එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා පදක්කම් සහ සහතික පත් ප්‍රදානයක් කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේ පැවති අතර ඊට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ මාර්තු 30 වන දා සිට පළමු ශ්‍රේණියේ සිසුන් සෑම පන්තියකටම ඉංග්‍රීසි භාෂා කථනය දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම ඉදිරියේදී 6-9 සහ 10-13 ශ්‍රේණිවල පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමින් ගෙන ඒමට අවශ්‍ය යාවත්කාලීන කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වන ලදී.
තවද 2030 වර්ෂය වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අභියෝග ජය ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරුන් 8000ක් ද උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ද ලබන මස සිට අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවත් පාසල් වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වන ලදී.
