සරසවි සිසුවෙකු මරුට .

පේරාදෙණිය සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි.

ඔහු පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

පොලීසිය පවසන්නේ මියගොස් ඇති සරසවි සිසුවා ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ නාන කාමරයක ඇදවැටීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවයි.

පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version