සරසවි සිසුවෙක් මරුට.

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබූ බව සදහන්.

කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අකිල ඉන්ද්‍රසේන නම් වෙයි.

Exit mobile version