යම් පුරවැසියෙක්, යම් අපරාධකරුවෙක් අල්ලාගෙන පොලීසියට බාරදීමෙන් බලාපොරොත්තු වන්නේ තමන් පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් මිදීමයි. එය එසේ වුවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩු පැවරිය හැකි සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු මුදාහැරීමට ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ.
අංක 207, බටුවත්ත ඇහැලියගොඩ ලිපිනයේ පදිංචි වෛද්‍යවරයෙකු වන සාරංග ක්‍රිෂාන් මහතාගේ ඉඩමකට ඇහැලියගොඩ පෞද්ගලික රෝහලකින් ඉවතලන මිනිස් ජීවිතයට අහිතකර විෂ සහිත කැලිකසල විය හැකි බවට විශ්වාස කරනා යම් දෙයක් නොදන්නා පුද්ගලයෙකු විසින් වරින් වර ගෙනත් දමා තිබේ. පසුව එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ඔහු සමත්ව තිබෙන අතර මෙම සැකකරු සහ විෂ ද්‍රව්‍ය රැගෙන පැමිණි වාහනය සහ අදාළ විෂ ද්‍රව්‍ය ආදී සියල්ලම ඇහැලියගොඩ පොලීසියට බාර දි තිබේ.
එම අපද්‍රව්‍ය තුල මිනිස් ලේ සහිත කොටස් තිබු බව ද ප්‍රකාශ කරයි.
පැමිණිල්ල ලියන අතර තුර අදාළ සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයා සමග කතා කරමින් සිට ඇති අතර ස්ථානාධිපතිවරයාට බාර දුන් වාහනය ඇතුළු සියලුම දේ රැගෙන පොලිස් ස්ථානයෙන් ඉවත්ව යාමට අවශ්‍ය ඉඩකඩද සකසා දි තිබේ.
පැමිණිල්ල ලියු පොලිස් පරික්ෂකවරයා වාහනය පරික්ෂා කිරිමට යන විට එය පොලිස් ස්ථානයෙන් අතුරුදහන්ව තිබේ.
2010 10 05 වැනි දින CIB (1) 240 /33 යටතේ එම පැමිණිල්ල ලියන අතරතුර ඔහුව නඩු භාණ්ඩ සමගම පොලීසියෙන් ඉවත් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා කූට ලෙස උපක්‍රම භාවිතා කර තිබේ.
එහිදී වෛද්‍යවරයා ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධවන අතර ස්ථානාධිපතිවරයා පවසා තිබෙන්නේ කිසිවක් කිරීමට නොහැකි බවයි.
සිද්ධියේ සියලුම වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඉන් කිහිපයක් පමණක් අප මේ සමග පළකර තිබේ.
පසු දිනයක නැවත ගිය විට ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ අවශ්‍ය නම් උසස් නිලධාරීන්ට පැමිණිලිකරන ලෙසයි.
ඒ අනුව සැකකරුගේ නඩු භාණ්ඩ පවා ඔහු සමගම පොලීසියෙන් ඉවත්කර නඩුවක් නැති තැනට අදාළ පැමිණිල්ල පත්කර තිබේ. සාක්ෂි විනාශ කිරීමටද අවශ්‍ය ආධාර අනුබල දීම ඔහු විසින් සිදුකර තිබේ.
නීතිය ක්‍රියාත්මක වූයේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න අප ලිවිය යුතු නොවේ.
මිනිස් ලේ සහිත කොටස් තිබුනේ නම් එහි මිනීමැරුමක් සහිත සිද්ධියක්ද තිබුණා විය හැකිය.
මෙම සිද්ධියෙන් ස්ථානාධිපතිවරයා පිළිබඳ කාරණා කිහිපයක් අනාවරණය වේ. එක්කෝ ඔහු නීතිය නොදන්නා නුගත් පොලිස් නිලධාරියෙකි. එසේත් නොමැතිනම් ඔහු අදාළ පුද්ගලයන්ගෙන් අල්ලස් ලබාගෙන තිබේ. එසේත් නොමැති නම් ඔහුගේ OIC පට්ටම ලැබී ඇත්තේ තක්කඩි දේශපාලන වන්දනාවකින් විය යුතුය.
එම සිදුවීම නිසා අදාළ වෛද්‍යවරයාටද තර්ජනයක් ඇතිව තිබේ. නීතිය සහ සාමය රකිනා පොලිස් නිලධාරින්ද අපරාධකරුවන්ගේ ඔඩොක්කුවේ සිටින්නේ නම් ඉන් කියවෙන්නේ නීතිගරුක මිනිසුන්ට යුක්තිය යනු සිහිනයක් පමණක් බවයි.
ඒ අනුව මෙම පොලිස් ස්ථානාධිපතිවරයාද අදාළ පැමිණිල්ලට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බැවින් ඔහුට එරෙහිවද අපරාධ නඩු ගොනුකළ හැකිය. එය කල යුත්තේ කෙසේද යන්න පොලිසිය දැනගෙන සිටි.
කෙසේ නමුත් වෛද්‍යවරයා නැවත ගොස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට පොලීසියේ සිටි වෙනත් පොලිස් පරීක්ෂකවරයෙකුට ඔහු චෝදනා කර තිබේ. OIC තුට්ටු දෙකේ වැඩක් කර පසුව එය වෙනත් නිලධාරියෙකු කල බවට චෝදනා කරයි.
එබැවින් පොලිස් නිලධාරීන් තව දුරටත් නීතිය සමග සෙල්ලම් දමා අහිංසක මිනිසුන් නපුරන් බවට පත් නොකළ යුතුය.
අපට සැමට ජීවත් වීමට රටක් අවශ්‍ය වේ. එය ආරක්ෂා කිරීමට නම් නීතිය සැමට පොදු විය යුතුය. ඇහැලියගොඩ OIC කළා සේ නීතිය නමා, වරද කල එකා නිදහස් නොකළ යුතුය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,
