සේවාවන් කිහිපයක් අත්‍යවශය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
1979 අංක 61 දරණ අත්‍යවශය මහජන සේවා පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් මෙලෙස අත්‍යවශය සේවාවන් බවට පත් කර ඇති අතර ,ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීමද ඒ අතර ඇතුළත් වන බව සදහන්.
