මගීන් 70 ක් සමග යාත්‍රාවක් අනතුරක.

මගීන් 70 ක් සමග සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව යාපනය නෙඩුන්තීව් දූපතේන් ගමන් ආරම්භ කොට ඇත්තේ කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් කිරීමටයි. ඒ ගමන අතරමග එම මගී යාත්‍රාව  අනතුරට ලක්වී තිබේ.

පසුව එහි ගමන් ගත්  මගීන් සියලුදෙනා නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා එක්ව  එම පිරිස හානියකින් තොරව  බේරාගෙන ඇති බව වාර්තාවේ.

යාත්‍රාව ගමන් කරමින් සිටියදී අදාල මගී යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නතර වී ඇති අතර එහිදී මගීන් නොසන්සුනවී තිබේ. එම අවස්ථාවේ අසලින් ගමන් ගත් ධීවර යාත්‍රාවක අධාරයෙන් නාවික හමුදාව හා ධීවරයන් දැනුවත් කොට මගීන් හා යාත්‍රාව කූරිකඩ්ඩුවාන් ජැටියට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

Exit mobile version