මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට දරුවන් ඇතුළත් කිරීමට ව්‍යාජ පදිංචි සහතික ඉදිරිපත් කළ ග්‍රාමසේවකවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ නම භාවිතා කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඇතුළත් කර එම විදුහලට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර ඇති බවට මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව සදහන්.
අත්අඩංගුවට ගත් ග්‍රාමසේවකවරයා ව්‍යාජ සහතික නමයක් නිකුත් කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
