ශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසියක්.

එවකට හමුදාධිපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සමස්ථ හමුදාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුනු කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් කරන ලද කථාව සහ මෑත වකවානුවේදී තම පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා ද්වේෂසහගත මෙන්ම පදනම් විරහිත ප්‍රකාශ රැසක් සිදු කර තිබුණි.

මෙලෙස පටු දේශපාලන අරමුණු ඔස්සේ සමස්ථ යුද හමුදාවට අපකිර්තියක් රැගෙන එන අයුරින් ගොතන ලද සාවද්‍ය චෝදනාවලට පිළිතුරු දෙමින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා හට නීති මගින් කටයුතු කර එන්තරවාසියක් යවා තිබෙන බව වාර්තා වේ.

Exit mobile version