මුහුදු වෙරළෙන් රේල් පාරට අමුත්තෙක්.

මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන ඇති බව වාර්තා වේ .

මෙම කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබුණු බව සඳහන් .

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහ බෙල්ලන්විල අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දී තිබූ නමුත් මෙතෙක් කිසිදු නිලධාරියෙක් නොපැමිණි බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

Exit mobile version