ව්‍යාජ රන් පබළු තොගයක් වටලයි.

නිධානයකින් ගොඩ ගත්තා යැයි කියමින් රන් ආලේපනය කර ව්‍යාජ ලෙස සකස් කෙරූ පබළු 1400ක් අලෙවි කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ඊයේ (19) දින මුලතිව් නගරයේ දී මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.එම පබලු තොගය රුපියල් ලක්ෂ විසි පහකට ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට එකග වී එම තොගය රැගෙන ආ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන් වේ.

එම පුද්ගලයා 54 හැවිරිදි වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර මුලතිව් අධිකරණය වෙත ද යොමු කළ බව වාර්තා වේ.

Exit mobile version