කෘත්‍රිම රසකාරක පිළිබඳ අනතුරු ඇඟවීමක්.

ඇස්පාටෙම් නම් කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (13) නිවේදනය කළ බව වාර්තා වේ.

මෙම කෘතිම රසකාරකය අඩු සීනි,පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සදහා භාවිතා කෙරෙන බව සදහන්.

ලොව ප්‍රමුඛතම සංවිධානයක් කෘත්‍රිම රස කාරකයක් සම්බන්ධයෙන් මෙවැනි කරුණක් නිවේදනය කළේ පළමු වරට බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version