ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක් .

ඉදිරි සති දෙක තුළ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යා හැකි බවට සෞඛ්‍ය හා කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසා ඇති බව වාර්තා වේ.

සියයට පහක්ව පැවති කීට ඝනත්වය මැන බලන බිට්ටෝ දර්ශකය මේ වන විට සියයට 15 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඔහු සඳහන් කර තිබේ.
 
MOH කොට්ඨාශ 68 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් ඉදිරි කාලය තුළ එම අංශ පදනම් කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version