ඩෙංගු පිළිබඳ අනතුරු ඇඟවීමක් .

පවතින වැසි තත්ත්වය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇති බව වාර්තා වේ

අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මේ බව සඳහන් කර තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,368 කි.  

ඒ අතරින් රෝගීන් 1,885දෙනෙකු මේ මාසයේ වාර්තා වී තිබේ.  

ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.

Exit mobile version