ජංගම දුරකථන සහ අන්තර්ජාලයට දැඩිව ඇබ්බැහි වීම හරහා දරුවන්ගේ මතක ශක්තිය හීන වීමේ අවදානමක් පවතින බවට විශේෂඥ වෛද්‍ය රූම් රූබන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවන් වීඩියෝ ගේම් සදහා ඇබ්බැහි වීම බරපතළ තත්ත්වයක් සේම මානසික රෝගයක් බවට හදුනාගෙන ඇති බවයි.
මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වන බවත් ඔවුන්ට මව්පියන් සතුරන් ලෙස පෙනෙන බවත් වෛද්‍යවරයා මෙහිදී සදහන් කර තිබේ.
මෙම ඇබ්බැහි වීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකි නිසා ඔවුන් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් පසු විය යුතු බවට මනෝ වෛද්‍යවරයා පවසයි.