සමනල වැව ජලාශය ගැන අනතුරු ඇඟවීමක්.

සමනල වැව ජලාශයේ සිදුරු තවදුරටත් පැවතීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවට භු විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ භු විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව පවසා ඇති බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ඊට අදාළ පාර්ශව කැඳවා කරුණු විමසූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් භු විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇති අතර බලධාරින්ගේ පාර්ශවය වන විදුලිබල මණ්ඩලය මෙම කාරක සභා රැස්වීම මඟහැරි බවයි.

දැඩි වර්ෂාව සහිත අවස්ථාවලදී කොළඹ නගරයේ රැස්වන ජලය බැසයාමට තවදුරටත් නිසි ව්‍යපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version