ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් .

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version