රුසියාව විසින් යුක්‍රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනට යළිත් අවසර ලබා නොදුන්නොත් ලොව පුරා ආහාර හිඟයක් ඇති විය හැකි බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම කළු මුහුද හරහා යුක්‍රේනයේ ධාන්‍ය අපනයනයට අවසර ලබා දෙන ලෙස ජගත් සංවිධානය විසින් රුසියාවෙන් මීට පෙර ඉල්ලා තිබෙන බව සඳහන්.
ලබන 18 වනදායින් අනතුරුව කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබා දී තිබූ කාලසීමාව අවසන් වීමට නියමිත බව වාර්තා වේ.
