කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර තිබේ .
එමෙන්ම එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දෙමින් අද (02) දහවල් 12.30 සිට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත් , එම නිසා දකුණු පළාත සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් ය.