මේ වසරේ ඩෙංගු උණ රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට ප්‍රතිලාභ ලැබෙන බවට එම සංවිධාන පෙන්වා දෙන ලදි.
එමෙන්ම ඩෙංගු රෝගීන් 2000 සිට 2022 දක්වා කාලය තුළ දී මිලියන 4.2 දක්වා අට ගුණයකින් ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.
