සෞඛ්‍ය අංශ මගින් ජනතාවට අනතුරු ඇගවීමක්.

ගව,කුකුළු සහ ඌරන් ඇතුළු සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් එය පාලනය නොකළහොත් අනාගතයේදී මෙරට ජනතාවගේ සෞඛ්‍යට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවට පශු ඖෂධ නියාමන අධිකාරිය අනතුරු අගවා ඇති බවට වාර්තා වේ.

මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වූ අතර එහිදී නිලධාරින් පැවසුවේ මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීමෙන් , මොවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ මිනිස් සිරුරට ඇතුල් වීමෙන් , මිනිස් සිරුරේ ප්‍රතිවිරෝධතාවය හේතුවෙන් අනෙකුත් ලෙඩ රෝග සදහා ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මෙම ප්‍රතිජීවක මිනිස් සිරුරට ඇතුළු වීමට හැකියාව ඇති බවට අවධාරණය කළේය.

Exit mobile version