වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අත්තනගල්ල පොලිසියේ නිලධාරින් තිදෙනෙකු වරෙන්තුකරු විසින් සපා කා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඌරාපොළ බෝපැන්න ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය පොලිස් නිලධාරින් තිදෙනා සමග පොරබැදූ වරෙන්තුකරු පොලිස් නිලධාරින් සපා කා ඇති බව සදහන්.
සපා කෑමෙන් පොලිස් නිලධාරියෙකුගේ අතක ඇගිල්ලක්ද කැඩි ගොස් ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පසුව වරෙන්තුකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ අත්තනගල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
