වටවල පොලිස් බල ප්‍රදේශයේ රොසැල්ල කුයිල් වත්ත වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් අට දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
හැටන් වැවිලි සමාගමට අයත් මෙම වතුයායේ මෙම පිරිස සේවය කරමින් සිටියදී ඊයේ (28) දින සවස 4.45ට පමණ එම වතුයායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් මෙම පිරිසට පහරදී ඇති බව සදහන්.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදී අදහස් දැක්වූ වටවල රොහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවන් හය දෙනකු රෝහල් ගත කල බවයි.
එම තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ අවුරුදු 55ක් වයසැති කාන්තාවක් වූ එම්. නවමිනි යන අය වැඩිදුර ප්‍රථිකාර සදහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
