වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්.

බගවන්තලාව බ්‍රස්වෙල් වතු යායේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ 40 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

මෙලෙස රෝහල්ගත කළ පිරිස අතරේ කාන්තාවන් 34 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 6 දෙනෙකු වන බව සඳහන් වේ.

Exit mobile version