පාසලකට බඹර ප්‍රහාරයක්.

අද (02) දහවල් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් වෙන්නප්පුව – මාටින් ද ෆොරස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙක් ලුණුවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .

තුවාලකරුවන් අතර එම විදුහලේ විදුහල්පති, ගුරුවරු 4දෙනෙක් සහ දරුවන් 21 දෙනෙක් සිටින බව සදහන් .

ඉන් විදුල්පතිවරයා, ගුරුවරු දෙදෙනෙක් සහ දරුවන් සිව්දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල මුලික රෝහලට මාරු කර යවා තිබේ.

පාසල අසල වත්තක තිබූ බඹර කූඩුව එක්වරම ඇවිස්සී බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව අනාවරණය වී තිබේ .

Exit mobile version