කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) පස්වරු 5 සිට අනිද්දා (25) පෙරවරු 9 දක්වා පැය 16ක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදු කරන බව සඳහන් .
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
