අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව සදහන්.
එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බවද අවධාරණය කර තිබේ.
