කොළඹට ජල කප්පාදුවක්.

පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ගොරකපිටිය , සිද්දමුල්ල , ඇරැව්වල , රත්මල්දෙණිය , මහරගම , පිළියන්දල මාර්ගය , එදිරිසිංහ මාවත . මොරකැටිය පාර , මැදවල පාර , බෝකුන්දර පාර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

Exit mobile version