දිය රකුසා පාසල් ජීවිතයක් බිලි ගනී.

ඊයේ (21) මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් 17 හැවිරිදි පාසල් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව් දෙනා සහ එක් මිතුරියකගේ මිත්තණිය සමඟ මෙලෙස දිය නෑමට ගොස් ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version