කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.

නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදේ පවතින බිපෝර්ජෝයි අතිශය චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ ඊසාන දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශ වලට යාත්‍රා නොකරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

එසේම දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.

Exit mobile version