අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රත්මල්ගහවැව, පාලිපොතාන ප්‍රදේශයේ අද (12) පෙරවරු 6 ට පමණ සිදු වූ වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාලිපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58 ක අවිවාහක කාන්තාවකි.
වාර්තා වන ආකාරයට මෙම කාන්තාව තම වැඩිමල් සහෝදරිය සමඟ එම සහෝදරියගේ නිවසේ ජීවත් වන අතර අද (12) පෙරවරුවේ එම නිවස පිටුපස ඇති වැසිකිලියට යමින් සිටියදී මෙම වනඅලි පහරදීම සිදුව තිබේ.
