ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව අඹකොළණිය ප්‍රදේශයේ වන අලි රංචුවක් පලවා හැරීම සඳහා ඊයේ (28) සවස වනජීවී නිලධාරීන් විසි දෙනෙකු පමණ ගොස් ඇති අතර මෙම වන අලි රංචුව පළවා හැරීමේ මෙහෙයුම අතරතුරදී වනජීවී නිලධාරියෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මරණකරු අනුරාධපුර රිටිගල වනජීවී කාර්‍යාලයේ ස්ථානභාර නිලධාරීවරයෙකු වන අතර මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මොහු නමින් පී.බී.ජේ.විජේකෝන් ය.
මිය ගිය වනජීවී නිලධාරියාගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා යක්කල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ තබා ඇති බව වාර්තා වේ.
