කාන්තාවක් පොලිස් නිලධාරින්ගේ අත් පා සපා කාලා.

පොලිස් නිලධාරීන්ගේ අත් පා සපා කා තුවාල සිදු කළ කාන්තාවක් සොයා කහටගස්දිගිලිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරීන් විසින් අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ඕලන්ද රෙපරමාදු පල්ලිය ඉදිරිපිට දී අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු අත්අඩංගුවෙන් මුදවා ගැනීමේ අදහසින් එම ස්ථානයේ සිටි කාන්තාවක් මෙලෙස පොලිස් නිලධාරීන් සපා කෑ බව වාර්තා වේ.

කාන්තාවගේ සපාකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් කහටගස්දිගිලිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Exit mobile version