ලිදුල පොලිස් බල ප්‍රදේශයේ බඹර කැලේ වතුයායේ අද (17) දින සිදුවූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලිදුල පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ අද දින බඹර කැලේ වතුයායේ සේවය කරමින් සිටියදි ඒ අසල ගසක බැද තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් එම වතුයායේ අවුරුදු 65ක් වයසැති කාලිමුත්තු මාරියායි යන කාන්තාව මිය ගොස් ඇති බවයි.
එසේ මිය ගිය කාන්තාවගේ මළ සිරුර මේ වන විට ලිදුල රෝහලේ තැන්පත් කර ඇති බවත් එම මරණය පිළිබඳව පශ්චාත්
මරණ පරික්ෂණය පැවැත්විමට පියවර ගෙන ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
