අභිරහස් ලෙස කාන්තාවක් මියයයි.

ඊයේ  (11) දින  පස්වරුවේ නිවසක් තුල කාන්තාවක් අභිරහස් ලෙස  හදිසියේ මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය සදහන් කර තිබේ.

මේ කාන්තාව නිවසේ  තනිව සිටියදී මෙම මරණය සිදුවතිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු  25 ක් වන ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති විවාහක කාන්තාවකි.

මීට මාස කිහිපයකට ඉහතදී විවාහ ඇති  මිය ගිය තරුණිය  ස්වාමිපුරුෂයා සමග නිවසේ තනිව ජීවත් වී  ඇති අතර ස්වාමියා  රැකියාව  නිමවී සවස් කාලයේ  නිවසට පැමිණෙන විට බිරිඳ මුළුතැන්ගෙයි බිම සිහිසුන්වී වැටී සිට තිබේ.

පසුව ඇය ඉංගිරිය  රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව සදහන් වේ.

මෙම මරණය පිළිබධව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කොටතිබේ.

Exit mobile version