සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරත්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට මහල් සංකීර්ණයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම මරණය අනතුරක් ද සියදිවි හානි කර ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
මෙම කාන්තාව සේවයේ යෙදුණු නිවසේ පුද්ගලයින්ගෙන් කරදර එල්ල වන බවත් ඒ හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාව වෙත යළි යාමට අවශ්‍ය බවත් ඇයගේ මිතුරියන්ට ප්‍රකාශ කර ඇති බව සදහන්.
