රියදුරුගේ හිසට පහරදී රන් භාණ්ඩ කොල්ල කාලා.

ත්‍රීරෝද රථ රියදුරෙකු ගේ හිසට මිටියකින් පහරදී රියදුරා ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගිය කාන්තාවක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව විසි දෙහැවිරිදි අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වූ මෙම සැකකාර කාන්තාව ත්‍රීරෝද රථ රියදුරු ගේ හිසට මිටියකින් පහර දී ඔහුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා රන් මාලය කොල්ල කා ඇති බව සදහන්.

සැකකාරිය සන්තකයේ තිබී රන්මාලය සොයාගෙන ඇති අතර අද(16) දින සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Exit mobile version