අද (8) දින අලුයම ඉපලෝගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇති කාන්තවගේ සැමියා විසින්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකරන්නට ඇති බවයි පැවසෙන්නේ.
අද උදෑසන මෙම කාන්තාව තම රැකියා ස්ථානය සදහා යමින් සිටියදී මෙම ඝාතනය සිදුව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු මවක් බව වාර්තාවේ.
මිය ගිය කාන්තාවගේ සැමියා මෙම ඝාතනය සිදු කිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සදහන් වන්නේ.ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කොට තිබේ.
