රංගල , ලොලුගමවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක 85 හැවිරිදි කාන්තාවක් සැක කටයුතු ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
සිරුරේ තුවාල සහිතව මියගොස් සිටි මෙම කාන්තාවගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
සැකකරු බීමත්ව නිවසට පැමිණ මෙම පහර දීම සිදු කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
රංගල, ලොලුගමවවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
