කාන්තාවක් ඩෙවොන් ඇල්ලට පනී.

අද (22) දින උදෑසන කාන්තාවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පැන ඇති බව වාර්තාවේ.

පොලිසිය සදහන් කර ඇත්තේ උදෑසන මෙම කාන්තාව දිඹුල පතන පොලිසිය වෙත ගොස් පැමිණිලක් ද සිදුකොට ඇති බවයි.

මෙලෙස එම දිය ඇල්ලට පැන ඇති කාන්තාව සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කොට ඇති බව වාර්තාවේ.

පවුල් ආරවුලක් මත පොලිසිය වෙත පැමිණිල්ල දැමීමෙන් පසුව පොලිසිය ආසන්නයේ ඇති දිය ඇල්ල වෙත ගොස් මෙම අනතුර සිදු කරගෙන් ඇත්තේ වයස අවුරුදු 34 වන දිඹුල පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි සිවු දරු මවක් බව සදහන් වේ.

දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version