කොස්ගොඩ – ඇටලවත්ත නැගෙනහිර ප්‍රදේශයේ දී අද (12) පෙරවරුවේ තියුණු ආයුධවලින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙම කාන්තාව තම දියණිය පාසල වෙත පිටත් කර නිවසේ රැඳී සිටිය දී ඝාතනය කර ඇති බව සඳහන් වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ සැමියා විදේශගතව සිටින බව වාර්තා වේ.
ඝාතනය සිදු කර ඇත්තේ කවුරුන් විසින් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
