ගෙල සිර කර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු පසුගිය වර්ෂයේ නොවැම්බර් දෙවෙනි දින ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවකගේ ද මෙම වර්ෂයේ පසුගිය මස පළමුවැනිදා ඇල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ ද ගෙල සිර කර ඝාතනය කර දේපළ කොල්ල කා තිබේ.
මෙම සිද්ධීන්ට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ල කෑ භාණ්ඩ සොයා ගෙන ඇති බව සදහන් කරයි.
සැකකරු යගිරල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන් වේ.