ඉටිපන්දමක් නිසා කාන්තාවකගේ දිවි අහිමි වෙයි.

අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (16) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බවට පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් එක් තැන්ව සිට ඇති අතර රාත්‍රී කාලයේදී ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහනක් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක ඉටි පන්දමක් රඳවා එය දල්වා තබා තිබේ.

ඉන් පසු ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇය නිදා සිටි මෙට්ටයටද ගිනි ඇවිලි කාන්තාව පිළිස්සීමෙන් මියගොස් ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version