පදික කාන්තාවක් මරුට.

හොරණ ප්‍රධාන මාර්ගයේ පොදුජන මාවත අසලදී කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා මාරුවෙමින් සිටි පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වන බ්‍රාහ්මණගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Exit mobile version