කටුනායක ගුවන්තොටුපොළේදී ලක්ෂ 6 කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ සහිත බෑගයක් සොරා ගත් කාන්තාවක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීලපොල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් වන අතර වැඩි දුර විමර්ශන කටයුතු කටුනායක පොලීසිය විසින් සිදු කරනු ලබයි .
