රට රැකියා සිහිනය උකසට තබා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට .

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් විදේශ ගත කළ 30 හැවිරිදි කාන්තාවක් කළුබෝවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කළුබෝවිල දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මෙලෙස අත්අඩංගුවට පත් වූයේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ වැටලීම් ඒකකයට ලද පැමිණිල්ලකට අනුවයි.

මෙම කාන්තාව සිය නිවස තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති අතර ,රැකියා ලබා දීම සදහා එක් අයෙකුගෙන් රුපියල් 440,000 ආසන්න මුදලක් අයකරගෙන ඇති බව සදහන්.

Exit mobile version