රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්ද්රව්ය තොගයක් සමග කාන්තාවක් ග්රෑන්ඩ්පාස් හේනමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
පොළිස් විශේෂ කාර්ය බළකා අතුරුගිරිය කදවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
එහිදී සැකකාරිය සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් 50 යි මිලිග්රෑම් 610 ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 101 මිලිග්රෑම් 100ක්, කේරළ ගංජා කිලෝ තුනයි ග්රෑම් 240ක් හා මත්පෙති 900ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 67ක් වන හේනමුල්ල ප්රදේශයේ පදිංචිකාරියකි.
