කාන්තාවක් දුම්රියට බිලි.

අද (15) උදෑසන මරදාන සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 716 දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී වන අතර ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බව සඳහන් වේ.

මේ වන විට මෘත දේහය පානදුර දුම්රිය ස්ථානයේ තබා ඇති බව වාර්තා වේ .

Exit mobile version