මංගලගම 27 කණුව ප්‍රදේශයේදී අද උදෑසන වන අලියකු පහරදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ඩී .එම් ඉන්ද්‍රාවතී නැමැති අවුරුදු 50 ක් වයසැති සිව්දරු මවකි.
ඇය තම වත්තෙ කජු එකතු කිරීමට ගොස් ඇති අතර එහිදී වන අලියකු සිටින බව දැනගත් පසු ඇය ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගියද අලියා පහරදී මරා ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව සදහන්.
ඇය විසින් කජු ඇහිඳීම සඳහා භාවිතා කළ බකට් එකක් පාවහන් යුගල හා ජංගම දුරකථනය තැන් තැන් වල වැටී තිබුණු අයුරු දක්නට ලැබුණු බව සදහන්.