පහර දීමකින්  කාන්තාවක් මරුට.

ඊයේ (19) දින හලාවත, මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තාවේ.

පුද්ගලයකු විසින්  පොල්ලකින් පහර දීම හේතුවෙන් මෙලෙස  ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දෙදරු මවක් වන අතර මෙම කාන්තාව  මුදල් පොලියට ලබා දෙන බව සදහන් වේ.

පහර කෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මාදම්පේ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබිණි.

ඝාතකයා කවුරුන්ද යන වග හදුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසිය විමර්ශන  ආරම්භ  කොට ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

Exit mobile version