ඊයේ (25) දින මන්නාරම මඩු කීරිසුත්තාන් ප්‍රදේශයේදී අකුණු පහරකට හසුව කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තාවේ.
අකුණු සැර වැදීම හේතුවෙන් මෙලෙස මරණයට පත්ව ඇත්තේ 62 හැවිරිදි පද්මනාදන් දෙයිවානයි නමැති එම ප්‍රදේශයේම පදිංචි වයෝවෘද්ධ කාන්තාවකි.
මිය ගිය කාන්තාව වර්ෂාවට පෙර ගෙවත්තේ සිටියදී අකුණු සැර වැදී ඇති අතර බරපතලතවයේ සිටි ඇය මඩු රෝහල වෙත ගෙන යන විටත් මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මඩු පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
